ශ්‍රීලනිප සමුළුවේ සියලු සංවිධාන කටයුතු දුමින්දට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් දෙසැම්බර් 04 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කරමින් පවතී.

මෙම විශේෂ සමුළුව ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම සමුළුවේ සංවිධාන කටයුතු සහ සියලු වගකීම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවරී තිබේ. ඔහු හිටපු ශ්‍රීලනිප මහ ලේකම්වරයා ලෙස පසුගිය සමයේ සිදුකළ සියලු වගකීම් හා සංවිධානයන් ඒ අයුරින්ම මේවන විටත් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රීලනිප ජාතික සංවිධායක වාරිමාර්ග,ජල සම්පත් හා අාපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වෙයන් ශ්‍රීලනිප ප්‍රබලයින් ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(27) ශ්‍රීලංනිප මූලස්ථානයේ මෙම සමුළුව පිලිබද විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 6 =