බිලියන 1735ක මුදල් වෙන් කෙරෙන අතුරු සම්මත ගිණුමට අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – 2019 මුල් මාස 04 සඳහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735ක මුදල් වෙන් කිරීමේ, අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අමාත්‍ය මණ්ඩල තොරතුරු දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව පැවසීය.

ලබන වසරේ මුල් මාස 4 සඳහා වූ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් සැකසීමට පසුගිය වර අමාත්‍ය මණ්ඩලයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අවසර ලබා දුන්නේය .අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අතුරු සම්මත ගිණුම සැකසීමෙන් පසු එය මෙවර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *