මාලදිවයින් හිටපු ජනපති නිදහස්

(කොළඹ, ලංකාපුවත්) – මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට පනවා තිබූ වසර 13ක සිර දඬුවම්වලින් ඔහු නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

ඒ අනුව ත්‍රස්තවාදී චෝදනා යටතේ වරදකරු කර තිබූ හිටපු ජනාධිපතිවරයා එම චෝදනාවලින් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ්ට එරෙහිව වැරදි සහගත ලෙස චෝදනා ගොනුකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ සමස්ත නඩු තීන්දුව දේශපාලන අරමුණින් සිදුවූවක් බවට, ඔහුගේ නීතිඥයින් චෝදනා කර තිබේ. මොහොමඩ් නෂීඩ්ට 2015 වසරේ දී ත්‍රස්තවාදී චෝදනා යටතේ වසර 13ක සිර දඬුවම් නියමර කර ඇත. එහෙත්, ඔහු රටින් පළාගොස් සිටියේය.

අනතුරුව හිටපු ජනාධිපති නෂීඩ් යළි මාලදිවයිනට පැමිණෙන්නේ වත්මන් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සොලි බලයට පත්වීමෙන් අනතුරුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *