2.0, 2018 විද්‍යා ප්‍රබන්ධ ත්‍රිමාණ චිත්‍රපටය හෙට සිට ශ්‍රී ලංකාවේ

(කොළඹ, ලංකාපුවත්) –ලයිකා නිෂ්පාදන සුභාස්කරන් විසින් නිෂ්පාදිත 2.0, ත්‍රිමාණ විද්‍යා ප්‍රබන්ධ බ්ලොක්බස්ටර් චිත්‍රපටය 2018 වසරේ බොක්ස් ඔෆිස් වාර්තා කරන චිත්‍රපටය ලෙස ඇස්තමේන්තු කර ඇති අතර හෙට (29) සිට එහි 3D සහ 2D චිත්‍රපට ඊ ඒ පී සිනමාහල් හරහා එළිදැක්වේ.

3D සිනමාහල් දහයකට වැඩි සංඛ්‍යාවක් සමග ශ්‍රී ලංකාවේ සිනමාලෝලී ජනතාව ප්‍රමෝධමත් කළහැකි ආකාරයේ උසස් මට්ටමේ 3D අත්දැකීමක් ලබාදෙන මෙරට පවත්නා එකම සිනමාහල්දාමය වන ඊඒපී සිනමාහල් සදහා බ්ලොක්බස්ටර් චිත්‍රපටයේ බෙදාහැරීමේ අයිතිය පිරිනමා ඇත.

2.0, සම්පූර්ණ උපාංග සහිතව මෙතෙක් තිරගත වූ ප්‍රථම 3D දමිල චිත්‍රපටය වන අතර ලයිකා නිෂ්පාදන නාමය යටතේ ඉදිරිපත් කරන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 75 කට වැඩි අයවැයක් සහිත ඉන්දියාවේ අධිකතම පිරිවැය දැරූ චිත්‍රපටය ද වේ. මෙය මාවල් චිත්‍රපට වන ඩෙඩ්පූල් සහ එක්ස්මෙන් ෆැන්චයිස්වල අයවැය ද ඉක්මවන ලදි. ලොව පුරා විවිධ භාෂා 14 කින් මෙම චිත්‍රපට තිරගත වීමට නියමිතය.

2.0 අධ්‍යක්ෂක ෂන්කර්ගේ අධික ආදායම් වාර්ථා කළ එන්තිරාන් වලින් පසුව කළ නිර්මාණය වන අතර නැවතත් රාඡ්නි කාන්ත් විද්‍යාඥ වෂීහරන්ගේ චරිතය නිරූපණය කරන අතර විරුද්ධවාදි විද්‍යාඥයෙක්වූ රිචඩ් සමග ඔහුගේ සුපර්හීරෝ රොබොට් සටන් කරයි. රිචඩ්ගේ චරිතය සදහා බොලිවුඩ් මෙගා තරුවක්වන අක්ෂේ කුමාර් පණපොවයි.

නවතම 3D තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රි ලාංකිකයන්ට ‘කණ්ණාඩි නොමැතිව 3D අත්දැකීමක්‘ ලබාදෙමින් මෙම 2.0 චිත්‍රපටය අවුරුදු කිහිපයක් ඉදිරියෙන් තිබෙන 3D අත්දැකීමක් පිරිනමයි. මෙහි භාවිත කළ 3D තාක්ෂණය ඇවෙටර් ෆැන්චයිස් සදහා 2020 දී යොදා ගැනීමට අපේක්ෂිත වු නමුත් 2.0 ප්‍රථම ඉන්දියානු 3D චිත්‍රපටය එය 2018 වසරේ දී යොදා ගන්නා ලදි.

2.0 චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා තරු රාශියකගේ නිර්මාණයකි. සංගීතය සපයන ලද්දේ ඔස්කාර් සම්මානලාභී ඒ. ආර්. රාහමන් විසින් ය. සිත කලඹ VF‍X සමාගම් දෙකක උත්සහායක ප්‍රතිඵලයකි. එනම් ‘ද ඩාර්ක් නයිට්‘, ඉන්සෙප්ෂන්, බ්ලැක් මිරර් සහහැරී පෝටර් යන චිත්‍රපටයන්ගෙන් ප්‍රසිද්ධියට පත් ඩබල් නෙගටිව් සහ ගෝල්ඩන් කොම්පස් සහ ලයිෆ් ඔෆ් Pi සදහා ජාත්‍යන්තර සම්මාන දිනූ රිතම් සහ හි්‍යුස් ය. අයන් මෑන් සහ ඇවෙන්ජර්ස් ජීවමාන කළ ලෙගසි ඉෆෙක්ට්ස් අක්ෂේ කුමාර්ව සුවිශේෂී කපුටෙක් වැනි අවතාරයක් බවට පත්කරන ලදි. බැට්මෑන්, මෙන් ඉන් බ්ලැක් සහ කින්ග් කොන්ග් චිත්‍රපටවල ඇදුම් නිර්මාණයේ නම්දැරූ ප්‍රවීණ ඇදුම් නිර්මාණක මේරි. ඊ. වොග්ට් විසින්මෙම චිත්‍රපටයේ ඇදුම් නිර්මාණය කරන ලදි.

මෙවැනි ආකාරයේ බ්ලොක්බස්ටර් චිත්‍රපටයක් මෙරට තිරගත කිරීමෙහිලා අවශ්‍ය නවතම තාක්ෂණය සහ කාර්මික හැකියාව ඊඒපී සිනමාහල්දාමය සතු වේ. 2.0 හී ශිල්ප කෞෂල්‍යය අත්දැකීම සදහා www.eapmovies.com හරහා ඔබගේ ටිකට්පත වෙන්කර ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + eighteen =