(කොළඹ, ලංකාපුවත්) –2019 වසරේ පෙබරවාරි මාසය අවසන් වීමට ප්‍රථම සියලු රජයේ පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පසුගිය සමයේ ක්‍රියාත්මක වූ නිල ඇඳුම් තිළිණ පත් වෙනුවට යළිත් පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීමට පසුගිය 22 වැනි දා රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බවද එම නිවේදනයේ දැක්වේ.
එම අමාත්‍යාංශය සඳහන් කළේ නිළ ඇඳුම් රෙදි වෙනුවට තිලිණ පත් ලබාදීම තුළින් වසරකට රුපියල් මිලියන 550ක පමණ වැඩිපුර වියදමක් දැරීමට සිදු වූ බවයි.
එමෙන්ම අදාල වැඩපිළිවෙල තුළින් දෙමාපියන්ට ද අමතර වැය බරක් සහ කාලයක් ගත කිරිමට ද සිදුව ඇත.
එම නිසා පාසල් දරුවන්ට සෘජුවම නිළ ඇදුම් රෙදි ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදු කෙරෙන අතර එම කටයුතු කඩිනම් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යාංශය නිවේදනය කළේය.