විදෙස් මුදල් සෙරකම් කළ කාන්තාවන් 02ක් ඇතුළු 3ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකදී රුපියල් කෝටි දෙකකට ආසන්න විදෙස් මුදල් තොඟයක් සොරකම් කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඔවුන්ව ඊයේ(28) සවස අත්අඩංගුවට ගෙන ඇති බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී යුරෝ 1300ක්, අමෙරිකානු ඩොලර් 1100ක්, ශ්‍රී ලංකා රුපියල් කෝටියකට අධික මුදලක් සොයාගෙන තිබේ. ඊට අමතරව රුපියල් ලක්ෂ 07ක් පමණ වටිනා රණ් භාණ්ඩ තොඟයක් ද සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරියක් වයස අවුරුදු 42 හා 21 වයස්වල පසුවන මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.

ඔවුන්ව අද(29) දින අළුත්කඩේ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − seven =