පාර්ලිමේන්තුව පෙරවරු 10.30 ට රැස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තුව පෙරවරු 10.30ට අද(29) දිනයේ යලි රැස්වීමට නියමිතය.

එසේම අද දිනයේත් පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා තැබීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේය.

එසේම මාධ්‍යවේදීන් සඳහා වන ගැලරිය පමණක් අද දිනයේදීත් විවෘතව පවතින බවත් ,අවශ්‍ය පරිදි පාර්ලිමේන්තු පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවද පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයා පැවසීය.

පාර්ලිමේන්තුව රැස්වීමට පෙර පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ. ඒ අනුව පෙරවරු 09.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව කතානායක කාර්යාලය සදහන් කළේය.

අද දිනයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහ පාර්ලිමේන්තු සභා වාරයට සහභාගී වනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණය කර නොමැති බව ආණ්ඩු පක්ෂය පැවසීය.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ පෙරවරු 08.30ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *