බන්ධනාගාර රැදවූවන් සා.පෙළ ලිවීමට සූදානමින්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා බන්ධනාගාර ගත රැඳවූවන් 12 දෙනෙකු අයඳුම්කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඔවුන් මෙවර විභාගය පෙනී සිටීම සඳහා සූදානම්ව සිටී. මෙසේ සූදානම්ව සිටිනු ලබන්නේ වැලිකඩ හා කොළඹ මැගසින් බන්ධනාගාරයෙහි නේවාසික රැඳවූවන් කිහිප දෙනෙකි.

වැලිකඩ බන්ධනාගාරයෙන් රැඳවූවන් 11ක් ද, කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් එක් රැඳවූවෙක්ද මෙවර අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා පෙනී සිටිනු ඇත.

මැගසින් බන්ධනාගාරයෙන් මෙම විභාගය සඳහා පෙනීසිටීමට සූදානම්ව සිටින රැඳවියා දමිළ මාධ්‍යයෙන් පෙනී සිටින බව සදහන් වේ.

මෙලෙස විභාගය අයඳුම්කරන ලද බන්ධනාගාර රැඳවූවන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථානයක් කොළඹ මැගසින් බන්ධනාගාරයතුල ස්තාපිත කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යෙදා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *