(කොළඹ, ලංකාපුවත්) –ජන රජයේ අරමුදල්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ඔවුන්ගේ පුද්ගලික කාර්යය මණ්ඩලයේ වියදම් සඳහා භාවිත කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බවට එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 122 කින් සම්මත විය.
අද(30) පාර්ලිමේන්තුවේදී එය සම්මත විය.
එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.
මේ අතර පාර්ලිමේන්තුව ලබන 05 වනදා දක්වා කල් තැබුණි.