ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලය ලබන සතියේ දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය ණය ආධාර මත ගෙන්වන පළමු දුම්රිය එන්ජින් සහ ද්විත්ව බලවේග කට්ටලය ලබන බදාදා මෙරටට ළඟාවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.

මේ වනවිට එම දුම්රිය කට්ටලය නැව්ගත කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

ව්‍යාපෘතිය යටතේ එන්ජින් 10 ක් සහ දුම්රිය ද්විත්ව බලවේග කට්ටල 6 ක් ගෙන්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා වැය කරන මුදල ඩොලර් බිලියන 560කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *