ඩර්ඩන්ස් රෝහල, දරුණු හදිසි හෘදයාබාධ කාර්යක්ෂමව පාලනය කරයි

(කොළඹ, ලංකාපුවත්) – ඩර්ඩන්ස් රෝහල, දරුණු හදිසි හෘදයාබාධ කාර්යක්ෂමව පාලනය කරයි.

ක්‍රමානුකූල ක්‍රමවේදය සහ දකුණු ආසියාවේ උසස්ම තාක්ෂණයෙන් යුත් Bi Plane Catheterisation ශල්‍යාගාරය මෙයට මග පාදා තිබේ.

කිසිදු භේදයකින් තොරව ගැහැණු පිරිමි දෙපාර්ශවයටම හෘදයාබාධ ඇතිවිය හැකි ය. එබැවින් හෘදයාබාධයක් ඇතිවීමේ රෝග ලක්ෂණ දැනගෙන සිටීම, හැකි ඉක්මනින් රෝගියා වෛද්‍ය ප්‍රතිකාර කරායොමු කිරීම ඉතාමත් වැදගත් වේ. හෘදයාබාධයක් ඇතිවීමේ සාමාන්‍ය රෝග ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

• හදිසියේම මුහුණ, අතක් හෝ පාදයක් හිරිවැටීම හෝ දුර්වල වීම. විශේෂයෙන් ශරීරයේ එක්
පැත්තක්
• හදිසියේම ඇතිවන කථා කිරීමේ හෝ තේරුම් ගැනීමේ අපහසුව හෝ සංකූලතාවය
• හදිසියේම ඇසක හෝ ඇස්දෙකේම දැකීමේ අපහසුතාවයක් ඇතිවීම.
• හදිසියේම ඇවිදීමට අපහසුවීම, කරකැවිල්ල, සමබරතාවය හෝ සම්බන්ධීකරණය නැතිවීම.
• විශේෂ හේතුවකින් තොරව දැඩි හිසේ කැක්කුම

මෙම රෝග ලක්ෂණ තිබේනම් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතාමත්
වැදගත් ය. මෙවැනි රෝගීන් සදහා ඩර්ඩන්ස් රෝහල පුහුණ වෛද්‍ය සේවකයින් සහිත හදිසි ගිලන් රථ සේවාවක් පිරිනමයි. ඔවුන් තම ගිලන් රථයේ රැගෙන එන රෝගියාගේ හෘදයාබාධ තත්ත්වය හදිසි ප්‍රතිකාර ඒකකයට වරින් වර දැනුම් දේ. මෙය රෝගියා රෝහලට ඇතුළත් කිරීමේදී සිදුවිය හැකි ප්‍රමාදයන් වළකන අතර මනාව හෘදයාබාදය පාලනය කිරීමට හැකියාව සලසයි.

රෝහලට පැමිණීමෙන් පසු එහි හදිසි ප්‍රතිකාර කණ්ඩායම හෘදයාබාධයේ තත්ත්වය පරීක්ෂා කරබලා, රෝගියාට හෘදයාබාධය සැදී ඇත්තේ ලේකැටියක් සිරවීමෙන් නම් ලේකැටිය දියකර ලේ ගමනාගමනය යථා තත්ත්වයට පත්කිරීම සදහා වඩාත් සුදුසු ප්‍රතිකාරයවන tissue Plasminogen Activator (tPA) හෙවත් Alteplase එන්නත පැය තුනක් ඇතුළත ලබාදේ.

විශේෂඅවස්ථාවකදී, එන්ඩොවැස්කියුලර් ප්‍රතිකාරය සිදු කළ හැකි අතර මෙමගින් ලේ කැටිය සිරවූ වාහිනිය ඇතුළතට කෙලින්ම සම්බන්ධ වී ලේ කැටිය දිය කිරීම හෝ ඉවත් කිරීම සිදුකරයි. හදිසි හෘදයාබාධ සදහා එන්ඩොවැස්කියුලර් ප්‍රතිකාරය ලබාදීමෙහිලා විශාල කාර්යභාරයක් සිදුකරන තත්ත්වයෙන් උසස් biplane catheterisation පද්ධතියකින් ඩර්ඩන්ස් හෘදයාබාධ මධ්‍යස්ථානය සමන්විත වේ.

1344 සේවා අංකය හරහා හෝ 011 2 140 000 දුරකථන අංක හරහා හදිසි හෘදයාබාධ පිළිබදව ඇමතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three + four =