තීරණාත්මක දේශපාලන සාකච්ඡා දෙකක් අද

(කොළඹ, ලංකාපුවත්) – වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා දෙකක් අද (30) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණේ හා දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර එම සාකච්ඡා පැවැත්වේ.

ඒ අනුව පළමු සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිතුමා අතර සිදුවේ. ඒ, පස්වරු 6.00 ට ය.

එසේම රාතී‍්‍ර 7.00 ට එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිතුමා සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡා වට දෙකම සිදුවන්නේ ජනාධිපතිතුමා සහ කතානායකවරයා අතර ඊයේ පස්වරුවේ ඇතිකර ගත් එකඟතාවන්ට අනුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × three =