පොලිස් නිලධාරීන් දෙදෙනක් අභිරහස් ලෙස මරුට

(කොළඹ, ලංකාපුවත්) – මඩකලපුව වවුනතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි වාර්තා වේ.

අදාළ පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධක රාජකාරියේ ඔවුන් දෙදෙනා යෙදී සිටියදී අද(30) උදෑසන 06.00ට පමණ එම නිලධාරීන් දෙදෙනාගේ මෘත ශරීර සොයාගෙන ඇත.

මරණයට හේතුව කුමක් දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මේ සම්බන්ධව පොලිස්පතිවරයාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකරීවරයාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *