කැබ් රථයක් Z/D ඇළට පෙරළෙයි – පුද්ගලයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – අරලගංවිල , මැදගම පහේ කණුව ප්‍රදේශයේදී Z D ඇළට අද(30) අළුයම කැබ් රථයක් පෙරළී තිබේ.

මෙම අනතුරින් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයින් පිළිබඳ කිමිදුම්කරුවන් යොදා පරික්‍ෂා කිරීමේ දී එක් මළ සිරුරක් මේ වන විට සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
තවදුරටත් මළ සිරුරු ඇත්දැයි කිමිදුම්කරුවන් විසින් සෝදිසි කරමින් සිටී.

මිය ගැවි පුද්ගලයා අම්පාර ප්‍රදේශයේ පදිංචි සමන් දිසානායක නැමැත්තෙකු බවට හඳුනාගෙන තිබේ.

වැඩිදුර විමර්ශන අරලගංවිල පොලිසිය විසින් සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *