Trina Solar ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – බලශක්ති විසදුම් සැපයීමෙහිලා ජාත්‍යන්තර නායකත්වය උසුලන Trina Solar එහි සූර්ය බලශක්ති පද්ධතියවන Trinahome ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

මෙම හදුන්වාදීම සිදුකරනු ලැබුවේ නොවැම්බර් 28 – 29 දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවති ‘The Solar Show‘ ප්‍රදර්ශනය හා සමගාමීව ය. Trina Solar ආයතනයේ ඉහළ කළමනාකාරිත්වය මෙම ප්‍රදර්ශනය සදහා සහභාගීවේ.

“ශ්‍රී ලංකාවට Trinahome හදුන්වාදීම 2050 වසරේ දී කාබන් රහිත, සම්පූර්ණයෙන්ම ප්‍රතිසම්පාදනය කළහැකි බලශක්ති භාවිතය සදහා පරිවර්ථනය වීමේලා වූ මෙරට ජාතික ඉලක්කය හා මනාව සැසදේ යැයි ආසියානු පැසිපික් සහ මැදපෙරදිග ජ්‍යෙෂ්ඨ විකුණුම් අධ්‍යක්ෂක කු ජුන්හෙයොන්ග් මහතා පැවසුවේ ය.

කු මහතා තවදුරටත් අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්තිය භාවිතය වර්ධනය කිරීමේ අවස්ථා රාශියක් පවතින බවට Trina Solar විශ්වාස කරන බව“ පැවසූවේ ය.

“මෙය ළගාකර ගත හැක්කේ Trinahome වැනි බලශක්ති විසදුම් භාවිතයට යොමු වීමෙන් පමණි“.
බලශක්ති වියදම අඩුකර ගැනීමට අපේක්ෂා කරන නිවෙස්වලට සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන්ට (SMEs) Trinahome මනාව ගැලපේයැයි කු මහතා පැවසුවේ ය.

සූර්ය බලශක්තිය ප්‍රතිසම්පාදනය කළ හැකි සම්පතක් බැවින් එය පරිසර හිතකාමීවේ. සූර්ය බලශක්තිය මෙන් නොව ඉන්ධන සහ අගුරු වරක් දහනය කළවිට ලෝක උෂ්ණත්වය ඉහළ දැමීමට හේතු වන විෂවායු නිකුත් කරයි. පිටරටින් ආනයනය කරන ඉන්ධන සහ අගුරු තවමත් ශ්‍රී ලංකාවේ බලශක්ති මිශ්‍රයෙන් 49% ක් නියෝජනය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් මෑත දී කරන ලද අධ්‍යයනයකට අනුව 2050 වර්ෂයේ දී ශ්‍රී ලංකාවේ විදුලි නිෂ්පාදනය දැන් පවත්නා 3,700 මට්ටමේ සිට 34,000 දක්වා වැඩිවන බව ඇස්තමේන්තු කර ඇත. මෙම වාර්ථාවට අනුව මෙම වැඩිවීමෙන් වැඩි ප්‍රමාණයක් සූර්ය සහ සුලං බලශක්තිය නියෝජනය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *