අගමැතිධූරයට එරෙහි පෙත්සම විභාගය තීන්දුව සවස 03ට

(කොළඹ, ලංකාපුවත්) –මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම බල රහිත කරන්නැයි ඉල්ලා ගොණු කළ පෙත්සම් විභාගයේ තීන්දුව අද (03) සවස 3.00ට ලබා දීමට නියමිතය.

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කොට ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම දෙවැනි දිනට අද (03) පෙරවරු 11.00 ට පමණ අභියාචනාධිකරණයේදී ආරම්භ විය.

මෙම පෙත්සම ගොනු කර තිබුනේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122ක් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − two =