නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

(කොළඹ, ලංකාපුවත්) – මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්වීය.

දේහය තැන්පත් කර ඇති ගාල්ල, උඩුගම ප්‍රදේශයේ නිවසට ඊයේ (02) දහවල් ගිය ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, ඒ මහතාගේ බිරිද ඇතුථ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් වෙතත්, පොලිස් දෙපාර්තමේන්තුවේ සමස්ත සහෝදර නිලධාරින් වෙතත් සිය සාතිශය සංවේගය පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − 1 =