ජනපති සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් අතර හමුවක් ඊයේ(03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

රටේ පවතින වත්මන් ආර්ථීක තත්ත්වය සහ වාණිජ මණ්ඩලවල කටයුතු පිළිබද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර රටේ ඉදිරි ආර්ථීක වැඩපිළිවෙළ වෙනුවෙන් අදහස් සහ යෝජනා ද ඉදිරිපත් කෙරිණි.

එමෙන්ම මෙහිදී වාණිජ මණ්ඩල නියෝජිතයෝ සදහන් කළේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් රටේ ඉදිරි ආර්ථීක හා සංවර්ධන ඉලක්ක ළගා කර ගැනීමට අවශ්‍ය සියලූ සහය ලබාදීමට කැපවන බවයි.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුථ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *