පොලිස් නිලධාරීන් ඝාතනයේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – වව්නතිව් පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වව්නතිව් පොලිස් නිලධාරීන් විසින් ඊයේ(03) සවස 4.30ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

වයස අවුරුදු 40 ක් වන සැකකරු කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් නමැති කන්නන්කුඩා ලිපිනයේ පදිංචිකරුවෙකි.

ඒ අනුව මෙම සිද්ධියට අදාළව මොහු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන සඳහා භාරදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *