අදත් පාර්ලිමේන්තුව රැස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –අද (05) පෙරවරු 10.30 ට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව සභාවාරයට ප්‍රථම අද උදෑසන පක්ෂ නායක රැස්විමක් කැදවා ඇති බව වාර්තා වේ.

ඒ අනුව උදෑසන 09.30 ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙනු ඇත.

එසේම අද දිනයේදී ද පාර්ලිමේන්තු මහජන ගැලරිය වසා දැමිමට තීරණය කර තිබේ.

මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට සහභාගී නොවීමට තීරණය කල බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ(04) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *