ජනපති ගැසට් පත්‍රය පිළිබඳ පෙත්සම් විභාගය අදත්

(කොළඹ, ලංකාපුවත්) –ඉකුත් නොවැම්බර් මස 9 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වැඩිදුර විභාගය අද (05) දිනයේද සිදු කෙරේ.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් හත් දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ල හමුවේය.

අද දිනයේ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීමට නියමිතය.

පෙත්සම්කරුවන් දස දෙනෙකු වෙනුවෙන් වාචික දේශන ඉදිරිපත් කිරීම ඊයේ (04) අවසන් කෙරුණි.

පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය ක්‍රියාත්මක වීම තාවකාලිකව වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් නොවැම්බර් මස 13 වැනිදා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එය දෙසැම්බර් මස 07 වැනිදා තෙක් බලපැවැත්වෙනු ඇත. ඊයේ දිනයෙන් ආරම්භ වූ මෙම පෙත්සම් විභාගය සඳහා අද සහ හෙට (06) දිනයන්ද වෙන්කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 2 =