නිත්‍යනුකූල ආණ්ඩුවක් පිහිටුවා ඉන්පසු ඡන්දයකට යායුතුයි – රනිල්

(කොළඹ, ලංකාපුවත්) – නිත්‍යනුකූල ආණ්ඩුවක් රටේ පිහිටුවීම ප්‍රථමයෙන් සිදුකළ යුතු කාර්යයක් බවත් ඉන්පසු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලින් ඡන්දයක් පැවැත්වීමේ යෝජනාවක් ගෙන ආ යුතු බවත් එය ව්‍යවස්ථානුකූල ක්‍රමවේදය බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍යය හමු‍වේදීය.

තවදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේද පැවෙසීය.

නීත්‍යානුකූල ආණ්ඩුව මුලින්ම පිහිටුවීමෙන් පසුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් නීත්‍යානුකූල ආණ්ඩුව විසුරුවා හැරීමෙන් පසුව ඡන්දයකට යෑමට හැකිවන බව පැවසූ එක්සත් ජාතික පක්ෂ නායකවරයා සියලුම පක්ෂ එකඟ වන දිනයක ඡන්දය පැවැත්විය යුතු බවත් ප්‍රකාශ කළේය. වසර 2019 දී ඡන්දය පැවැත්වීම සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ දැනටමත් පවසා තිබෙන බවත් පැවැසීය.

අපගේ ජයග්‍රහණය කාටවත් වැළැක්වීමට නොහැකියි. ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ තීන්දු පිළිගනිමින් ලබාදෙන තීන්දුවලට ගරු කරනවා. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙන් අපගේ අධිකරණය ස්වාධීනයි. වසර 2015 දී යහපාලනය තුළින් අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරමින් ස්වාධීන කොමිසන් සභා මඟින් රටේ ව්‍යවස්ථාව ශක්තිමත් වුණා. ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකරන්නේ ව්‍යවස්ථා විරෝධීන්.

මෙම අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක රවී කරුණානායක, එජාප පෙරමුණේ මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න, දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ මන්ත්‍රී පලනි දිගම්බරම්, මුස්ලිම් ජනතා කොංග්‍රසයේ මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්, එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, එජාප මහලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරු සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 1 =