අවම බස් ගාස්තුව රුපියල් 10ක් කරන ලෙස ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – අවම බස් ගාස්තුව රුපියල් 10ක් දක්වා පහත දමන්නැයි සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ඉල්ලීමක් කරනු ලැබේ.

පසුගියදා සිදුකළ ඉන්ධන තෙල් මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් අඩුවිය.

මේ අනුව පසුගිය සමය තුල ඩීසල් ලීටරයක මිල රුපියල් 19කින් (7+7+5) අඩු වී තිබෙන නමුත් බස් ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප්‍රමාණවත් අවධානයක් යොමු නොවී තිබීම කණගාටුදායක තත්ත්වයක් බව එම සංගමය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *