පැසිෆික් මුහුදේ සුනාමි අනතුරු ඇගවීමක්

(කොළඹ, ලංකාපුවත්) – රිච්ටර් මාපකයේ ඒකක 7.6ක ප්‍රබල භුකම්පනයක් සිදුවිමත් සමග පැසිෆික් මුහුදු කළාපයට සුනාමි අනතුරු ඇගවිමක් නිකුත් කිරිමට පැසිෆික් සුනාමි පෙර අනතුරු ඇගවිමේ මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.

පැසිෆික් මුහුදේ පිහිටි ලෝයලටි දුපත් සමුහයේ ප්‍රධාන දුපතක් වන නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ මෙම භුමිකම්පාව සිදුව ඇත. ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 4.18 ට පමණ මෙය හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

නිව් කැලිඩෝනියෝ දුපතේ පුද්ගලයින් 270,000ක් පමන ජිවත් වේ.

පැසිෆික් සුනාමි මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරන්නේ භුකම්පනය සිදුවු අපිකේන්ද්‍රයේ සිට කිලෝමිටර් 1000ක් ඇතුලත ප්‍රදේශයට බලපෑම් එල්ල විය හැකි බවයි. නිව් කැලිඩෝනියෝ දුපත ආසන්නයේ ඕස්ට්‍රේලියාව සහ ෆිජී දුපත් ද පිහිටා ඇත.

මෙහිදී වෙරළ කලාප ආශ්‍රිතව ජිවත්වන පුද්ගලයින්ට වහාම ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස බළධාරින් නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *