ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට ඇප

(කොළඹ, ලංකාපුවත්) –2008 වසරේ දී තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නේවි සම්පත් හෙවත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාට සැඟවී සිටීමට ආධාර හා අනුබල දුන් බවට සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(05) නියම කළේය.

ඒ අනුව සැකකාර විජෙගුනවර්ධන මහතා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස සැකකාරුට අවවාද කෙරුණි.

සාක්ෂිකරුවන්ට තර්ජනය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් වූවහොත් ඇප අවලංගු කොට රිමාන්ඩ් භාරයට පත් කරන බව ද මහේස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − four =