ගල්කිස්සේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –ගල්කිස්ස, කල්දමුල්ල හංදිය අසළ පිහිටි නිවසක් අසළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

ඊයේ(05) රාත්‍රී 9.20ට පමණ මුහුණ ආවරණය කරගත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වූ මොරටුව, අඟුලාන දුම්රියපොල පාර ප්‍රදේශයේ පදිංචි ළහිරු උදාර සඳරුවන් නැමැති පුද්ගලයෙකි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 5 =