පෙත්සම් විභාගයේ තෙවන දිනය අදයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීම විරුද්ධව ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 විභාග කිරීම අවසන් දිනය ලෙසට අද (06) දිනයේත් සිදු කිරීමට නියමිතව ඇත.

පෙරේදා දිනයේ ආරම්භ වූ පෙත්සම් විභාගය අද දිනයේ අවසන් කිරීමට නියමිතය.

නීතිපතිවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ඊයේ(05) දිනයේදී නීතිපතිවරයා විසින් අදාල පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණූ ඉදිරිපත් කළ අතර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවයි.

මූලික අයිතිවාසිකම් පෙත්සම් වලට එරෙහිව ඉදිරිපත් කර ඇති අතරමැදි පෙත්සම්කරුවන් විසින් කරුණු දැක්වීම ද ඊයේ දිනයේදී සිදු කර තිබේ.

ඒ අනුව පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය අද දිනයට කල්තැබුණු අතර අද දිනය තුළ පෙත්සම් විභාග කිරීමේ කටයුතු අවසන් කිරීමට නියමිත බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen + sixteen =