ඩර්ඩන්ස් රෝහලින් විශේෂඥ ENT සත්කාරය

(කොළඹ, ලංකාපුවත්) – බොහෝ දෙනෙක් ගඳ සුවඳ හදුනාගැනීම, හුස්ම ගැනීම, සමබරතාවය සහ කථන හැකියාවන් සම්බන්ධව විවිධ ගැටළුවලින් පෙලේ. උගුර, කන, නාසය සහ හිස හා බෙල්ල සම්බන්ධයෙන් වූ සියළුම ආකාරයේ විෂමතාවයන්ට සහ පිලිකාවන්ට ඩර්ඩන්ස් ඩර්ඩන්ස් රෝහලින් විශේෂඥ ENT සත්කාරය ඒකකය විශේෂඥ ප්‍රතිකාර සපයයි.

උගුර, කන, නාසය යනු එකිනෙකට සමීපව වෙන් වෙන්ව පිහිටා ඇති නමුත් එකිනෙකට සම්බන්ධ ක්‍රියාකාරකම් සිදුකරන ශාරීරික අවයවයන්ය. එබැවින්උගුර, කන, නාසයසම්බන්ධරෝගයන් ද එකිනෙකට සම්බන්ධවේ. උගුර, කන, නාසය පිළිබදව පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් සමස්ථ රෝගී තත්ත්වය පරීක්ෂාකර සුදුසු ප්‍රතිකාර ලබාදෙයි.

ENT ශල්‍ය වෛද්‍යවරුන්ගේඅවධානමට ලක් වන ප්‍රධානකරුණකි, කන්ඇහීමට සහ සිරුරේ සමබරතාවයට (Vertigo) බලපෑම් ඇති කරන රෝගී තත්ත්වයන් පාලනය කර ගැනීමට හෝ සුවකර ගැනීමට රෝගීන්ට සහාය වීම. මානසිකකම්පන, ආසාත්මිකතාවයන්, උපතින් ලද අසාමාන්‍යතාවයන් මෙන්ම වයස නිසා ඇතිවන ඇසීමේ දෝෂවලින් පෙලෙන රෝගීන්ව අදාල පරීක්ෂණවලට යොමු කරමින් මනාව පරීක්ෂාකර වෙස්ටිබි්‍යුලර් කායික චිකිත්සාව වැනි උසස් තත්ත්වයේ ප්‍රතිකාර හරහා ඔවුනට නැවත ඇසීමේ හැකියාව මෙම ඒකකය වෙතින් ලබාදේ.

ආහාර ගැනීම සහ කථන ක්‍රියාකාරකම් වලට බාධා පමුණුවන හඩ විෂමතා සඳහා ප්‍රතිකාර මෙම ඒකකය වෙතින් ලබාදෙන තවත් සේවාවේ. උගුරේ ආසාත්මිකතා සහ ගිලීමේරෝගී තත්ත්වයන්ට විශේෂ ප්‍රතිකාර සැපයීම. තයිරොයිඩ්රෝගී තත්ත්වයන්ට ද මෙමඒකකය ප්‍රතිකාර සපයයි.

ශ්වසන අපහසුතාවයන්, නාසයේ සංකූලතාවයන්, බාධාකාරී නිදිඇප්නියාව (නින්ද සම්බන්ධ විෂමතාවයක්), කෝටර දාහය වැනි රෝගී තත්ත්වයන් නාසයේ සහ සයිනස් කුහරයන්ගේ බාධාවන් නිසා ඇතිවිය හැකි ය. ළමුන් නින්දෙන් ගෙරවීම සෙම් ගෙඩි සහ ග්‍රන්ථ්‍යාභප්‍රදාහය වැනි ගැටළු නිසා ඇතිවිය හැකි බැවින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදියයුතු වේ. දිගු කාලීනනාසයේසිර ගතිය, නිතරසොටුදියර ගැලීම, කිඹුහුම්යාම, සුවද සහ රස නොදැනීම, පීනස නාසිකපොලිප්හී (නාස්දාරයේ ඉදිමුම) ප්‍රතිඵලයක් විය හැකි බැවින් හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවිය යුතුවේ. මුඛ කුහර, උගුර, ස්වරාලය, ඛේට ග්‍රන්ථය, නාසය සහ සයිනස්හී පිලිකා සහ පිලිකා නොවන ගෙඩි සහ ගැටිති සදහා වූ ශල්‍යකර්ම සහ අවම අන්තරීක්ෂ (minimally invasive) ශල්‍යකර්ම ද මෙම ඒකකය විසින් සිදුකරයි.

ඩර්ඩන්ස් ENT ඒකකය,මෙරට ප්‍රධාන පෙළේ ENT සහ හිස හා බෙල්ල පිළිබද විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙහෙයවන අතර රෝගීන්ට සැපපහසුව සලසන නවීනතම ENT යන්ත්‍ර සූත්‍රයන්ගෙන් සමන්විත වේ.

නේවාසික නොව ENT රෝගීන්ට ද බොහෝමයක් රෝග නිරීක්ෂණ සහ චිකිත්සීය ක්‍රමවේදයන් සැපයීමට ENT ශල්‍යාගාරය පහසුකම් සලසයි. මෙම පරීක්ෂණයන් අතර කනේ මයික්‍රොස්කෝප් පරීක්ෂණය, මයික්‍රොස්කෝපය හරහා ear suction , එන්ඩොස්කොපික් නාසික පරීක්ෂණය, එන්ඩොස්කොපික් උගුර පරීක්ෂණය, කනටඑන්නත් ලබාදීම සහ හඩ ඇගයීම වැනි කන සම්බන්ධ සුළු ශල්‍ය ක්‍රමවේදයන් ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *