එස්එම්එස් වලින් O\L ලියූ සිසුවෙක් සහ ගුරුවරියක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර සාමාන්‍ය පෙළ විභාගයට නීති විරෝධී ලෙස පිළිතුරු සපයමින් සිටි පෞද්ගලික අයඳුම්කරුවෙක් සහ ඊට අනුබල දුන් පාසල් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

බලංගොඩ, කොටුවල්පොල ප්‍රදේශයේ පදිංචි සැකකාර සිසුවා බලංගොඩ ජෛයිලානි මහා විද්‍යාලයේ දී ඊයේ(06) ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයමින් සිට තිබේ. එහිදී ඔහුගේ ජංගම දුරකතනයට එස් එම් එස් කෙටි පණිවිඩ මාර්ගයෙන් සැකකාර ගුරුවරිය පිළිතුරු යවා ඇති බවට බලංගොඩ පොලීසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

සැකකාර සිසුවා ජංගම දුරකථනය තම සපත්තුවේ සඟවාගෙන සිට ඇත.

සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද(07) ඉදිරිපත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − five =