අසමසම මිලකට උපරිම ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීමක් පිරිනමන Nokia 3.1 Plus

(කොළඹ, ලංකාපුවත්) – Nokia ජංගම දුරකථන සඳහා නිවහන වන HMD Global සමාගම සිය නවත ම Nokia 3.1 Plus ජංගම දුරකථනය පසුගියදා හඳුන්වා දුන්නේය.

අඟල් 6 HD+ දර්ශන තිරය සහ දින දෙකක බැටරි කාලය සමගින් එන මෙම ජංගම දුරකථනය ඩුවල් කැමරා පද්ධතියකින් යුතු මිලෙන් අඩුම Nokia ජංගම දුරකථනය වන අතර මාසික ආරක්ෂණ යාවත්කාලීන කිරීම් සමගින් Android One පවුලට එක්වූ නවත ම සාමාජිකයා ද වේ.

“දැරිය හැකි මිල සහ විශේෂාංග නිසා Nokia 3.1 දුරකථනය පාරිභෝගිකයන්ගේ නොමඳ ආකර්ෂණය දිනාගත් උපාංගයක් බවට පත්ව තිබෙනවා. පාරිභෝගිකයන්ගෙන් ලැබෙන යහපත් ප්‍රතිචාර රැස නිසාම අප Nokia 3.1 Plus සමගින් පුළුල් තිරයක් සහ ජවසම්පන්න බැටරියක් සහිත දැවැන්ත භාවිත අත්දැකීමක් හිමිකර දීමට තීරණය කළා. ශ්‍රී ලංකාවේ Nokia ලෝලීන් අතර මෙම දුරකථනය අතිශය ජනප්‍රිය වනු ඇති බව අපගේ විශ්වාසයයි” යනුවෙන් HMD Global සමාගමේ ආසියානු කලාපයේ සාමන්‍යාධිකාරී සංදීප් ගුප්තා මහතා සඳහන් කළේය.

දැවැන්ත දර්ශන අත්දැකීමක්

අඟල් 6 HD+ දර්ශන තිරය සහ 18:9 දර්ශන අනුපාතය සමගින් Nokia 3.1 Plus ජංගම දුරකථනය උපරිම සමාජ ජාලා අතර සැරිසැරීමේ සහ දර්ශන අත්දැකීමක් හිමිකර දෙයි. දින දෙකක් දක්වා රඳා පවතින 3500mAh බැටරිය නිසා බාධාවකින් තොරව ඔබගේ ප්‍රියත ම චිත්‍රපට නැරඹීමේ අවස්ථාව ද හිමිකර දෙයි.

ඩුවල් කැමරා පද්ධතිය සමගින් වෘත්තීය මට්ටමේ ඡායාරූප ලබාගන්න

13MP Phase Detection Auto Focus ප්‍රධාන කැමරාව නිසා සුපැහැදිලි ඡායාරූප කඩිනම් සහ නිරවද්‍ය නාභිගත කිරීමකින් ලබාගත හැකිය. පිටුපස කැමරා පද්ධතියෙහි ඇති 5MP සෙන්සරය මගින් ඡායාරූපවල පසුබිම අපැහැදිලි කර ප්‍රධාන වස්තූන් පමණක් කැපී පෙනෙන ලෙස ලබාදෙන අතර ඡායාරූපය ලබාගැනීමෙන් පසුව වුව ද පසුබිම් බොඳ කිරීමේ හැකියාව පවතී. ඉදිරිපස කැමරා පද්ධතිය 8MP කැමරාවකින් සමන්විත වන අතර එමගින් සුපැහැදිලි සෙල්ෆි ඡායාරූප ලබාදෙයි. උසස්ම ප්‍රමිතියෙන් යුතු ඩුවල් කැමරා පද්ධතිය සහ Octa-Core තාක්ෂණයෙන් යුතු කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණය නිසා Nokia 3.1 Plus ජංගම දුරකථනය අවම මිලකට උපරිම ඡායාරූපකරණ අත්දැකීමක් පිරිනමන උපාංගයක් ලෙස කැපී පෙනෙයි.

අසමසම ක්‍රියාකාරිත්වය

MediaTekHelio P22 Octa-Core ප්‍රොසෙසරය නිසා මෙම ජංගම දුරකථනය උසස් ක්‍රියාකාරිත්වයක් මෙන්ම බැටරි කාර්යක්ෂමතාවක් ද පිරිනමයි. ඒ අනුව බලය අවශ්‍ය මොහොතේදී එම කාර්යය සඳහා අවශ්‍ය බලය ලබාදීමටත් මූලික කාර්යයන් වලදී බලය කළමනාකරණය කර ගැනීමටත් Nokia 3.1 Plus දුරකථනයට හැකිය.

එහි CNC යන්ත්‍රානුසාරයෙන් නිමවා ඇති ඇලුමිනියම් ආවරණය මගින් ජංගම දුරකථනය සඳහා සුමට, කැපීපෙනෙන පෙනුමක් මෙන්ම උපරිම ශක්තිමත් බවක් ද හිමිවී ඇත. 2.5D විශිෂ්ට වීදුරු නිමාවෙන් යුතු Nokia 3.1 Plus ජංගම දුරකථනය Nokia ජංගම දුරකථනයකින් පාරිභෝගිකයෙකු අපේක්ෂා කරන මනා නිමාව එලෙසින් ම පිරිනමයි.

නියම, ආරක්‍ෂිත සහ නවීනත මAndroid One ක්‍රියාකාරිත්වය

Nokia 3.1 Plus යනු Android One පවුලට එක්වූ නවත ම සාමාජිකයාය.Android One ක්‍රියාකාරීත්වයෙන් යුතු Nokia ජංගම දුරකථන විශිෂ්ට දත්ත ගබඩා කිරීමේ හැකියාවෙන් යුතුවන අතර Google සමාගම පිරිනමන නවීනත ම කෘත්‍රිම බුද්ධිමය පහසුකම් වලින් ද සමන්විතය.Nokia 3.1 සඳහා Android One වැඩසටහන මගින් වගකීමෙන් යුතුව පිරිනමන ආරක්‍ෂිත සහ මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම් වසර තුනක් දක්වා හිමිවේ. මේ අනුව Nokia 3.1 Plus වඩාත් ආරක්‍ෂිත ම Nokia ජංගම දුරකථනය බවට පත්වන අතර Google Assistant සහ Google Photos මෙන්ම උපරිම ඡායාරූප ගබඩා කිරීමේ පහසුකම ඇතුළු නවීනත ම Google සේවා ද මේ හරහා පාරිභෝගිකයාට අත්විඳිය හැකිය.

Nokia 3.1 Plus දුරකථනය පෙර ඇතුළත් කරන ලද Android Oreo™ මෙහෙයුම් පද්ධතියෙන් වෙළඳපලට පිවිසෙන බැවින් පාරිභෝගිකයන් හට Google Lens, මල්ටි ටාස්කින් සඳහා වන Picture-in-Picture සහ Google Play ආදී නවත ම පහසුකම් ද භාවිත කළ හැකිය. Android One මෙහෙයුම් පද්ධතියේ කෘත්‍රිම බුද්ධිමය තාක්ෂණයෙන් සවිබලගැන්වුණු බැටරි බලය භාවිතය අවම කිරීමේ හැකියාව නිසා උපරිම භාවිත අත්දැකීමක් අත්විඳීමට පාරිභෝගිකයාට හැකිවේ.

ලබාගත හැකි ආකාරය

Nokia 3.1 Plus ස්මාර්ට් ජංගම දුරකථනය 2018 නොවැම්බර් 12 වනදා සිට 3GB/32GB RAM/ROM මාදිලි දෙකකින් ශ්‍රී ලාංකේය වෙළඳපලට පිවිසුණු අතර එය සොෆ්ට්ලොජික් හරහා රු. 34,990කට මිලදී ගත හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *