ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

(කොළඹ, ලංකාපුවත්) – ගොරකා ඇල, තෙප්පනාව මාර්ගයේ පුද්ගලයින් දෙදෙනෙක් තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.

ඊයේ(09) රාත්‍රී 9.00ත් 10.00 ත් අතර කාලයේ දී තෙප්පනාව මාර්ගයේ ට්‍රාන්ස්පෝමරය අසල දී කැපුම් තුවාල සහිතව සිටි පුද්ගලයින් තිදෙනෙකු රත්නපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රත්නපුර රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ‍්, වයස අවුරුදු 35 ක් වු කිරිවැල්දෙණිය, ගොරක ඇල, දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි පත්තිය දේවගේ සනත් කුමාර නොහොත් පොඩි මෑන් නැමති පුද්ගලයා හා වයස අවුරුදු 34 ක් වු බෝටියාව, ගොරක ඇල, දොඩම්පේ ප්‍රදේශයේ පදිංචි මැණික් පුරගේ සුරංග රසික නැමති පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෘත ශරීරය රත්තනපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

තුවාලකරු මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

ඝාතනය සිදු කල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිගේ ඍජු අධීක්ෂණය යටතේ රත්නපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 6 =