පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

(කොළඹ, ලංකාපුවත්) – කථානායක කරු ජයසූරිය මහතාට එරෙහිව අධිකරනයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අද (10) ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිඥවරයකු විසින් පෙත්සමක් ගොනු කරනු ඇත.

එම පෙත්සම ගොනු කළේ නීතිඥ අරුණ ලක්සිරි මහතා විසිනි.

පෙත්සම්කරු පවසා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අවස්ථාවකදී එනම් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කිරීමෙන් එම නඩු කටයුතුවලට බලපෑමක් ඇති කිරීමට කථානායකවරයා කටයුතු කර ඇති බවයි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) ව්‍යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කරු ජයසූරිය මහතාට එරෙහිව පියවර ගන්නා ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =