කාලගුණික විපර්යාසය පාලනය කිරීමේ යෝජනාව පරාජය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලෝක කාලගුණික විපර්යාස පාලනය කිරීම වෙනුවෙන් එකඟතාවයකට පැමිණීම සඳහා පෝලන්තයේ පැවති තීරණාත්මක සාකච්ජාව අසාර්ථක වී තිබේ.

ඒ, ඊට අදාළව සැකසු විශේෂ වාර්තාව සම්මත කර ගැනීමට ලෝකයේ ප‍්‍රධාන රටවල් සිය විරෝධය පළ කිරීමත් සමඟින් බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. අමෙරිකාව, රුසියාව, සෞදි අරාබිය සහ කුවෙට් යන රටවල් එලෙස විරෝධය පළ කර තිබේ.

ලෝකය මේ වනවිට සම්පූර්ණයෙන්ම වැරදි මාවතට ගමන් කරන බවත්, ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 03කින් පමණ තවදුරටත් වැඩිවීමේ අවදානමක් පවතින බවත් අදාළ විශේෂ වාර්තාවේ සඳහන්වේ. එබැවින් ලෝක නායකයින් සියලූ දෙනා ඊට ක්ෂණිකව මැදිහත්වීමේ වැදගත්කම එමඟීන් අවධාරණය කර තිබුණි.

ගෝලීය උණුසුම පාලනය කිරීමට දැරිය යුතු පිරිවැය බෙදා ගැනීම සහ අඩු කාබන ආර්ථිකයක් ගොඩනැගීමට සහය ලබා ගැනීම පිළිබඳ එහි ඇතුළත්ව තිබූ බව විදෙස් වාර්තා සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *