කොලොම්බියාවේ බස් අනතුරක් – 13ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොලොම්බියාවේ බස් රථ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් ඇති අතර 20දෙනෙකු තුවාල ලබා ඇත.

බාස්කට්බෝල් ක්‍රීඩකයින් පිරිසක් මෙම බස් රථයේ ගමන් කර ඇතැයි වාර්තා වේ.

අනතුරට හේතුව බස් රථයේ යාන්ත්‍රික දෝෂයක්ද යන්න පිලිබදව සෙවීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

2017 වසරේ කොලොම්බියාවේ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් 6754ක පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට වාර්තා සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *