එ.ජා සංවර්ධන වැඩසටහනින් මිලියන 270ක මූල්‍ය ආධාර

(කොළඹ, ලංකාපුවත්) –එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කර තිබෙන තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සුවිශේෂී ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 270ක (අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට නෝර්වේ රාජ්‍යය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන තීරණය කර ඇත.

නෝර්වේ රාජ්‍යය හා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) අතර ඇතිකර ගත් එකඟතාවක් අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි තිරසාර සංවර්ධන අරමුණු අංක 16වන සාමය, යුක්තිය පසිඳලීම සහ ශක්තිමත් ආයතන පද්ධතියක් වෙනුවෙන් මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා ආයතනයේ තිරසාර සංවර්ධන අරමුණු වඩාත් හොඳින් ඉදිරියටත් සාර්ථකව පවත්වාගෙන යාම සඳහා මෙම ව්‍යාපෘතිය විශාල සහයෝගයක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ රාජකීය නෝර්වේ තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *