මහජන ගැලරිය හෙටත් වැසේ

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු සැසි වාරය හෙට (12) දිනයේදී යළිත් රැස්වීමට නියමිතය. පසුගිය දිනවලදී මෙන් හෙටත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා තැබීමට තීරණයකර ඇත.

එසේම පාර්ලිමේන්තු සභා ඝර්භය තුළ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබඳ කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව පළමු වරට හෙට දිනයේ රැස්වීමට නියමිතය.

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී සිද්ධිය පිළිබද කරුණු සොයා බැලීමට කථානායක කරූ ජයසූරිය මහතා විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවට චමල් රාජපක්ෂ, රංජිත් මද්දුම බණ්ඩාර, චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක සහ මාවේ සේනාධිරාජා යන මන්ත්‍රීවරුන් ඇතුළත්ව සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *