ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රයට ලොව 84වැනි තැන

(කොළඹ, ලංකාපුවත්) –ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය 84වැනි ස්ථානය දක්වා ඉහළ අගයකට පැමිණ තිබෙන බව ආගමන විගමන ගමන් බලපත්‍ර පාලක වජිර ඉෂාන්ත ලියනරත්න මහතා පැවසීය.

ගමන් බලපත්‍රයේ නිරවද්‍යතාව , සුරක්ෂිතතාව, හා ලෝකයේ අනිකුත් රටවලින් හිමිවන පිළිගැනීම, රටවල් සමඟ ඇති කර ගෙන තිබෙන වීසා ගිවිසුම් මෙම ‍ශ්‍රේණිගත කිරීම සඳහා බලපා ඇත. මෙරට ගමන් බලපත්‍රයේ ගුණාත්මක බව ඉහළ මට්ටම කරා ගමන් කිරීමේ දී එහි ශ්‍රේණිගත කිරීම ගුණාත්මක ලෙස ඉහළ යන බවත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *