ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කරන ලද ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව ඊයේ(10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා විසින් කමිටු වාර්තාව ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + three =