දෙහිවල සත්තුවත්ත තුළ ළමුන්ගේ උපන්දින සැමරිමට අවස්ථාවක්

(කොළඹ, ලංකාපුවත්) – ළමුන්ගේ උපන්දින සැමරිම සදහා වෙනම ස්ථානයක් සහිතව දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඉඩකඩ සලසා තිබෙන බව සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

එවැනි සැමරුමක් සදහා රුපියල් තුන්දහසක මුදලක් අය කරන අතර සතුන්ගේ සහභාගිත්වයෙන් උපන්දිනයක් සැමරිම සදහා රුපියල් පන්දහසක් අය කෙරෙනු ඇත.

දුරකථන අංක 0112712751 මගින් ඇමතීමෙන් එම අවස්ථා වෙන්කර ගැනිමට හැකියාව පවතී. එසේම මෙම උපන්දින සැමරුමට පැමිණෙන පාර්ශව රුපියල් 30ක ටිකට් පතක් ලබා ගැනීම ද සිදු කළ යුතු වේ.

පාසැල් නිවාඩු සමය සහ උත්සව සමය හේතුවෙන් දෙහිවල සත්වොද්‍යානය නැරඹිමට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාව මේ දිනවල ඉහල ගොස් ඇති බවත් පසුගිය ඉරිදා සත්ව උද්‍යානයට ලැබුණු ආදායම රුපියල් ලක්ෂ අට ඉක්ම වු බව අධ්‍යක්ෂවරිය කියා සිටියාය.

එසේම සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල රාත්‍රි 10.00 තෙක් සත්වෝද්‍යානය විවෘතව පවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *