බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වෙබ් අඩවි 58 ක් තාවකාලිකව වැසේ

(කොළඹ, ලංකාපුවත්) – බංග්ලාදේශයේ ප්‍රවෘත්ති වෙබ් අඩවි 58 ක් තාවකාලිකව වසා දමා තිබේ.

මෙම වෙබ් අඩවි පැය 12 ක කාලයක් දක්වා වසා දැමීමට එරට විදුලි සංදේශ නියාමන කොමිසම නියෝග කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම මස තිස් වන දින මහමැතිවරණයකට සූදානම් වන බංග්ලාදේශය පවසන්නේ ආරක්ෂක හේතුන්මත මෙම පියවර ගත් බවය.

මෙම වෙබ් අඩවි රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලියා පදිංචි වී නොමැති හෙයින් ඒවායේ ඇතුළත් කර ඇති තොරතුරු පරීක්ෂා කිරීම සදහා මෙම පියවර ගෙන ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *