අගමැති හා ඇමති මණ්ඩලයට එරෙහි පෙත්සම ජනවාරියට කල් යයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය ධූරය සහ අමාත්‍ය ධූර අභියෝගයට ලක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නැවත සලකා බැලීම ලබන මස 16,17 සහ 18 දක්වා කල් තැබේ.

අද (12) දක්වා බල පැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *