පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් ජනපති හමු වෙයි

(කොළඹ, ලංකාපුවත්) –මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ, පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු විය.

මෙහිදී එම පිරිස සමග සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ අභාවය පිළිබඳ සිය බලවත් කනගාටුව පළ කරනු ලැබීය.

වයස අවුරුදු හතරහමාරක් වයසැති කුඩා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහය දැක්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

එමෙන්ම නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ වන නදීකා ලක්මාලි මහත්මිය වෙත ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රමශක්ති වැඩසටහනේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 11 =