ජනපතිගේ පොරොන්දුව මත වතු කම්කරු වැඩ වැරුම නතර වෙයි

(කොළඹ, ලංකාපුවත්) – වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස ඉල්ලා දින 08ක් පුරා පැවති වතු කම්කරු වැඩ වර්ජනය අවසන් කර ඇත.

ඒ අනුව වතු කම්කරුන් ආරම්භ කර තිබු වැඩ වර්ජන වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අද (12) උදැසන සිට අවසන් කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යයාලයේ පැවති සාකච්ඡාවේදි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමඟ ලබන 19 වෙනි දින සාකච්ඡා කර වතු කම්කරුවන්ට සාධාරණ වැටුපක් ලබාදෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *