(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබීය.
ජනාධිපතිවරයා විසින් වසර හතරහමාරක් ගත වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවානම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙක බලය තිබිය යුතු බව අගවිනිසුරුවරයා ප්‍රකාශ කර සිටියේය.
මෙය සත් පුද්ගල විනිසුරුවරුන්ගේ ඒක මතික තීන්දුවක් බවයි අගවිනිසුරුවරයා ප්‍රකාශ කරන ලදි.
ජනාධිපතිවරයා විසින් නිකුත් කල ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පෙත්සම් 12 ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ අතර පෙත්සම් විභාගය සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.