මිනිස් හිසක් පෑලියගොඩින් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – පෑලියගොඩ, දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියක තිබී ඊයේ(12) අළුයම් කාලයේ දී මිනිස් හිසක් හමුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් 119 පොලිස් තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද තොරතුරක් මත පෑලියගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

මිනිස් හිස සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි පොලීසිය පවසයි.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ හිස තැන්පත් කර තිබෙන අතර පෑලියගොඩ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරකු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *