සා.පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23වනදා

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ඇගයීම් කටයුතු අදියර දෙකක් යටතේ සිදු කිරීමට නියමිතය.

ඒ අනුව පළමු අදියර ලබන 23 වන දින සිට ජනවාරි 01 වන දින දක්වා සිදු කෙරේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා සඳහන් කළේ දිවයින පුරා පිහිටි පාසල් 107කදී පළමු අදියරේ ඇගයීම් කටයුතු සිදු කිරිමට නියමිත බවය. ඒ සදහා ගුරුවරුන් පුහුණු කිරිමේ සැසිවාර ලබන 18,19,20 සහ 21 යන දිනවලදී කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.

සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ජනවාරි මස 08 වන දින සිට 17 වන දින දක්වා සිදු කිරීමට සැලසුම් කර ඇත.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය පසුගිය දෙසැම්බර් 03වනදා ආරම්භ වූ අතර ඊයේ (12) අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *