වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 09කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මීටර් 200ක ප්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයන් 09 දෙනෙක් තුවාල ලබා ඇත.

ඊයේ(13) රාත්‍රී 08.25ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන් බදුල්ල සහ දියතලාව රෝහල් වෙත යොමු කර තිබේ. එසේම බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තිදෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා මහනුවර රෝහල වෙත යොමු කර ඇත.

ඇල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − ten =