ජපානයේ අවන්හලක පිපිරීමක් – 40කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ උතුරු දිග ප්‍රදේශයේ සපෝරෝ නගරයේ අවන්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 40දෙනෙකු තුවාල ලබා ඇත.

පිපිරීමත් සමග ගින්නක් ද හටගෙන ඇති අතර පොලීසිය හා ගිනිනිවන හමුදාව එක්ව ගින්න නිවා දමා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුවාල ලැබූ පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල වේ. පිපිරීම හේතුවෙන් අසල තිබූ ගොඩනැගිලි කිහිපයකට ද දැඩි හානි සිදුව ඇතැයි සදහන් ය.

කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නොමැත. ගෑස් කාන්දුවීමකින් ගින්න හටගෙන ඇති බවට සැක පල කෙරේ.

තවදුරටත් පිපිරීම් ඇති වනු ඇතැයි සැකය හේතුවෙන් ගිනි නිවන කණ්ඩායම් සහ ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමටයි පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *