අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක පත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් සමන් ඒකනයක යලි පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

නව අගමැති ලේකම්වරයා වන සමන් ඒකනායක ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ විශ‍්‍රාමික නිලධාරියෙක් වන අතර ඔහු පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධරයෙක් ද වේ.

ඉකුත් ඔක්තෝම්බර් 26 වනදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරෙන් නෙරපා හරින විට ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේද සමන් ඒකනයක මහතා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *