කුසල් 06වන ටෙස්ට් ශතකය වාර්තා කරයි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සිය හයවන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව් වන දිනය අදයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 282ක් ලබාගත් අතර නවසීලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිම සඳහා සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 578ක් ලබාගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *